එවරස්ට් කන්ද තරණයට සීමාවක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේදී උතුරු කළාපයෙන් එවරස්ට් කන්ද තරණය කරන සංඛ්‍යාව අඩු කිරිමට චීනය තීරණය කර ඇත. පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරිම ඊට හේතුව වේ.

කඳු තරණය කරන්නන් රැගෙන යන විවිධ ද්‍රව්‍ය හේතුවෙන් එවරස්ට් කන්ද ආශි‍්‍රත ප‍්‍රදේශයට හානි සිදුව තිබේ. ඒවා වැළැක්වීම සදහා චීනය දෙසින් කන්ද තරණය කරන සංඛ්‍යාව අඩු කරන බව බලධාරින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සංචාරක කාලය ද සීමා කිරිමට අපේක්ෂා කර තිබේ.

පසුගිය දින වලදී කන්ද තරණය කිරිමට උත්සාහ කළ කිහිප දෙනෙකුගේ මළසිරුරු හමුව තිබුණි. ඒවා ඉවත් කිරිමටත් චීනය පියවර ගනු ලැබීය.

සෑම වසරකම කඳු නගින්නන් සහ මාර්ගෝපදේශකයන් හැට දහසක් පමණ චීනය දෙසින් එවරස්ට් කන්ද තරණය කරන බවට තොරතුරු ලැබී තිබේ. විශේෂ පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ඔවුන් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *