දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දිසානායක ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා මාගල්ලේ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දිසානායක ආයුර්වේද රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

දිනකට බාහිර බාහිර අංශයේ රෝගීන් දෙසීයක් තුන්සියයක් මෙම ආයුර්වේද රෝහලෙන් සේවා ලබාගන්නා අතර ඊට අමතරව විශේෂිත සායන රාශියක් ද ක්‍රියාත්මක වේ. ආඝාත රෝගීන් ඇතුළුව බෝ නොවන රෝග සාර්ථකව පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වශයෙන් පවතින අතර විශේෂයෙන්ම මෙම ආයුර්වේද රෝහල ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සලසමින් තිබෙන බව නිරීක්ෂණය විය.

ප්‍රතිකාර පිණිස පැමිණෙන රෝගීන්ට පවතින ගොඩනැගිලි පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර කාර්යමණ්ඩලයේ අඩුපාඩුකම් ද රැසක්ම පවතියි. රෝග නිර්ණයෙහිලා රසායනාගාරයක අවශ්‍යතාවය දැඩිව පැන නැගී තිබෙන අතර විකිරණ පහසුකම් ද ලබා දිය යුතුව තිබේ.

ගාල්ලේ විශාලතම ආයුර්වේද රෝහල වන දිසානායක ආයුර්වේද රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරිමෙන් මෙම රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුකාරතුමා අවධාරණය කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවට දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සී ගුරුගේ සහ ආයුර්වේද වෛද්‍ය අධිකාරී තුමිය ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *