“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.

ක්‍රිකට් පිති නිර්මාණය කිරීමට වාර්ෂිකව කපා දමන ලද ගස්වලට ආදේශකයක් වශයෙන් සහ ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ලෝලීන්ට ගස් සිටුවීම සම්බන්ධයෙන් ඇති වගකීම පෙන්වා දෙමින් ජාතික රූපවාහිනි සංස්ථාවේ සහ සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි්‍රයාවට නංවා තිබේ.

මෙම පැළ සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා අතින් පළමු පැළය රෝපණය කෙරුණු අතර, ඒ හා සමගාමී ව පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් එකවර පැළ 1500 ක් රෝපණය කිරීම සිදු කෙරිණි.

කිලිනොච්චිය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කෙරුණු පැළ සිටුවීමේ වැඩසටහනත් සමග උතුර දකුණ යා කරමින් සංහි`දියාව ගොඩනැගීම ද අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට සහභාගීවීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන දයා ගමගේ, රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ද, Earth Watchmen ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටිගල, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරි තාරක රන්වල, ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *