දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නවත්වන්නැයි පාසල්වලට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පාසල්වල කටයුතු සදහා යැයි කියමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිම නතර කිරිමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව සියලු නිලධාරීන් කටයුතු කළයුතු බව අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබේ.

ඒ පිලිබද පසු විපරම් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික පාසල් සම්බන්ධ පැමිණිලි භාරගැනීමේ නිලධාරිනියක් ද පත්කිරිමට පියවර ගත්තාය.

ඒ අනුව එවැනි පැමිණිලි කේ ජී සී මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *