අමෙරිකාව තුළ වැඩිම වටිනාකමින් අලෙවි වූ නිවස

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව තුළ නිවසක් අලෙවි වූ ඉහළම මිල වාර්තා කරමින් මැන්හැට්න් හි නිවසක් අමෙරිකානු ඩොලර් මිලියන 238 කට අලෙවි කර තිබේ.

220 සෙන්ට්‍රල් පාර්ක් හි දකුණු ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙය සිව් මහල් නිවසකි.අති විශාල මුදලකට මෙම නිවස හිමි කර ගෙන ඇත්තේ බිලියනපතියකු වන කෙන් ග්‍රිෆින් විසිනි.

ලන්ඩනයේ බකිංග්හැම් මාලිගය අසළ ඩොලර් මිලියන 124කට නිවසක් මිල දී ගත්බවට පසුගිය දා පුවත් මැව්වේ ද 50 හැවිරිදි කෙන් විසිනි.

ඊට අමතරව මියාමි හා චිකාගෝ හි ද නිවාස මිල දී ගත් බව ද, චිකාගේ හි අතිසුඛෝපභෝගී නිවාස 3ක් මෙන්ම ෆ්ලොරීඩාවේ පාම් බීච් ප්‍රදේශයේ නිවාස 6ක් හා හවායි හි නිවාස දෙකක් ද ඔහු සතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *