යළි ජාතික ආණ්ඩුවක් – රජය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව ඒකරාශී කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ඊයේ (24) තීරණය කළේය.

රජය මේ තීරණය ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂවල පාර්ශ්ව ගණනාවක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිණි.

ගෙවීමට ඇති ණය පියවමින් ජනතාවට උපරීම සහන දීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධානය ගෙන තිබෙන තීරණය අනුව පෙරමුණේ සියලු පක්ෂ ජාතික රජයට එක් කර ගැනීමට නියමිතය.

ජාතික රජය පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ගැනීමේ සාකච්ඡා ද මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම නායක මට්ටමෙන් ක්‍රියාත්මකවේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සරල බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට මේ වන විට පරිසරය නිර්මාණය වී ඇතැයි පෙරමුණේ පක්ෂ නායකයකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *