ලොව කුඩාම-බරෙන් අඩුම චන්ද්‍රිකාව ගුවන් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව කුඩාම හා බරෙන් අඩුම චන්ද්‍රිකාව ඊයේ(24) ගුවන් ගත කෙරුණි.

SpaceKidz නම් ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා ආයතනයක සිසුන් පිරිසක් විසින් නිපදවූ මෙම චන්ද්‍රිකාව බරිනු කිලෝග්‍රෑම් 1.2 ක් පමණ වේ. රේඩියෝ සන්නිවේදන පද්ධතියක් සහිත මෙම කුඩා චන්ද්‍රිකාව සාර්ථකව ඊයේ(24) පෘථිවි කක්ෂයේ රඳවා ඇත.

⁣මින් පෙරත් කුඩා චන්ද්‍රිකා ගුවන් ගත කෙරුණත් ඒවා අසාර්ථක වී තිබුනි.

ඉන්දියාවේ හිටපු ජනපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ නමින් මෙම චන්ද්‍රිකාව නම් කර තිබේ.

KalamSat V2 නමින් හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව අදියර කිහිපයකින් ගුවන් ගත කළේය. දින හයකින් නිම කෙරුණු මෙම චන්ද්‍රිකාව සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් මිලියන1.2කි. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂන ආයතනය විසින් ගුවන්ගත කළ මෙම චන්ද්‍රිකාව රැගෙන ගිය රොකට්ටුව ටොන් 260ක බරකින් යුතු විය.

අභවකාශ තාක්ශණය පිළිබඳ අමෙරිකාව,රුසියාව, චීනය හා ජපානය සේම ඉන්දියාවේද ඇති කැමැත්ත හා උනන්දුව මෙවැනි ව්‍යාපෘති හරහා දැක ගැනීමට හැකිය. ඉදිරියේදී ඉන්දියාව විසින් තවත් චන්ද්‍රිකා කිහිපයක්ද ගුවන් ගත කරන්නට නියමිතය.

රූපයේ තිබෙන්නේ KalamSat V2 චන්ද්‍රිකාව සාදා නිමකොට මේසය මත තබා තිබෙන අයුරු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *