උතුරේ මහවිරු දින උත්සව වැඩිම ප්‍රමාණයක් සැමරූ කාලය ගැන ඇමැති කබීර් කියයි

(කොළඹ, ලංකාපුවත්) – දින පනස් එකේ ආණ්ඩු කාල සීමාවේ උතුරේ මහවිරු දින උත්සව වැඩිම ප්‍රමාණයක් සැමරූ බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධනය ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ හා ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවන්ට එක් වෙමින්, මාවනැල්ල කහවන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“විපක්ෂයේ සමහර අය රටේ ස්වෛරීත්වය ගැන කථා කරනවා. මහ ලොකුවට දේශප්‍රේමීයත්වය ගැන කථා කරනවා. එයාලාට බලය තියනකොටත් බලය නැතිවිටත්, හැසිරෙන විදිහ, කථා කරන විදිහ ගැන, මේ රටේ ජනතාව දැන ගත යුතුයි. දවස් 51ක් මේ රට පාලනය කල වකවානුවේ තමයි මහවිරු දින උත්සව වැඩිම ප්‍රමාණයක් සමරා තිඛෙන්නේ. ඒ අය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය ඇතුළු සියළු බලතල තිබියදීත් එක වචනයක්වත් කථා කලේ නැහැ. ඔය දින 51 පාලන කාලය තුල තමයි මේ රටේ ඉහලම හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තේ. මහ ලොකුවට රණවිරුවෝ ගැන කථා කරනවා. බලය තිබුන දින 51 තුල එක ඇමතිවරයෙක්වත් රණවිරුවෝ ගැන කථා කලේ නැහැ. ඔය දේශප්‍රේමීන් කට ඇරලා එක වචනයක්වත් කථා කලේ නැහැ.“

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගියදා ආරක්ෂක ලේකම්වරයා කියලා තිබුනා, ඩයස්පෝරාවෙන් උපදෙස් ගන්න කියලා රණවිරුවන් යම්කිසි වරදක් කරල තියෙනවා නම් තොරතුරු ලබා දෙන්න, දඩුවම් ලබා දීමට. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, පොහොට්ටුවයි එකට එකතුවෙලා වැඩ කරනවයි කියලානෙ කියන්නේ. මම අහන්නේ මේ ප්‍රකාශය එම පක්ෂයේ මතයද කියලයි? මේ අය ඡන්දය දිනාගන්න එක එක දේවල් ජනතාවට කියනවා. විපක්ෂයේ නිරුවත අද මුළු රටටම පේනවා. UNP ඇත්ත තිත්ත උනත් ජනතාවට හරි දේ කියනවා. සත්‍ය කථා කරන පක්ෂයක් විදිහට UNP ය දිගටම එකම ස්ථාවරයක සිටිමින් ක්‍රියා කරනවා. බාල දේශපාලනයක නිරත ප්‍රතිවාදීන්ට අපි කියන්නේ ජනතාව නොමග යවන්නේ නැතිව ඇත්ත කථා කරන්න කියලයි. ඹභඡ ය සැමදාම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කෙලින් හිටගෙන රට ගොඩනගන්න ජනතාව සමග ඉදිරියටත් කැප වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *