කැට්ෆිෂ්ට මුළු සිරුරෙන්ම රස සංවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඔබ ඉතා රසවත් ආහාරයක් ගැනීමේදී ඔබ ඔබේ දිව භාවිතා කර එම ආහාරය රසවිදී. ඔබ දිව භාවිතා කර ආහාරය රසවිදින්නේ ඔබේ රසාංකුර පිහිටන්නේ ඔබේ දිවේ නිසාය.

එනමුත් ඔබ දන්නවාද කැට්ෆිෂ්ට මුළු සිරුරෙන්ම රස සංවේදන ලබා ගත හැකි බව? කැට්ෆිෂ්ට රසාංකුර 100,000 පමණ ඇත.

මෙම කුඩා රසාංකුර කැට්ෆිෂ්ගේ මුළු සිරුර පුරාවටම පිහිටයි.

මෙයින් බොහෝ රසාංකුර පිහිටන්නේ කැට්ෆිෂ්ගේ රැවුලෙහිය(whiskers). මෙලෙස කැට්ෆිෂ්ගේ සිරුර පුරාවටම පවතින රසාංකුර මගින් ඔවුන්ගේ ආහාරය සොයාගැනීමටද දායක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *