ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයෙකු මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොරවැව පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 95ක් සහ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 16ක් සොගෙන තිබේ.

සැකකරු 52 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද(31) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයින් තිදෙනෙකු හොරොව්පතාන නගරයේදී ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු ත්‍රිරෝද රථයක් ඊයේ (30) දහවල් නවතා පරික්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙක් සන්තකයේ තිබී මෙම ව්‍යාජ මුදල් නොට්ටු තොඟය සොයා ගත් බව පොලීසිය පැවසීය. එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 29ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 වයස්වල පසුවන විහාරගම හා මහදිවුල්වැව යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

මෙම සැකකරුවන් අද(31) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරොව්පතාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *