ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කෙරේ.

පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යැවෙන මෙම යෝජනාවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකුත් එකමුතුවෙන් නව සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීම පිළිබඳ සඳහන් වේ.

රාජපක්ෂ ණය කන්දරාව ගෙවමින් ජනතාවට උපරීම සහන දීමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියලු පක්ෂවලට සමඟි සන්ධාන ජාතික රජයට එක්විය හැකි බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී ඔප්පු කරන බවද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *