ආමාශය ආශ්‍රිත තුවාල හදුනා ගැනීමට බෙහෙත් පෙත්තක්

(කොළඹ, ලංකාපුවත්) – ආමාශය ආශ්‍රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා විශේෂිත බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කළ බව ඇමෙරිකානු විද්‍යාඥ පිරිසක් පවසති.

මෙම ජෙලිමය ස්වභාවයක් ගන්නා කුඩා පෙත්ත පානය කිරීමෙන් පසු එය ආමාශය තුළදී පිංපොං බෝලයක ප්‍රමාණයට විශාල වන බව එම පෙත්ත පිළිබඳව වැඩි දුරටත් විස්තර කරමින් ඔවුන් පවසයි.

මෙම ඖෂධය මාසයක කාලයක් ආමාශය තුළ ක්‍රියාකාරීව පවතින බවත්, මෙය ඌරන් භාවිත කරමින් පරීක්ෂණයට ලක් කර ඇති බවත් සඳහන් කරන අතර එය මෙතෙක් මිනිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නොමැති බව පැවසේ‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *