මාකදුරේ මධූෂ් ඩුබායි හී දී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ඡාවාරමට හා පාතාලයට සම්බන්ධ පුද්ගලයින් 25දෙනෙකු ඩුබායි හී හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් ද සිටින බව සදහන් වේ.

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නැමැති අයව හඳුන්වන වෙනත් නම් ලෙස මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් යන නාමයන් හැදින්විය හැකිය.

2006 වසරේ දී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතන සිද්ධියෙන් පසු මාකදුරේ මධූෂ් විදෙස් ගතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *