2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහාය.

එය රුපියල් කෝටි 39,306කි. මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ අනුව අයවැය යෝජනා ලබන මාර්තු 5 වන දා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13 වනදා ආරම්භ කෙරෙන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 4 වනදා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *