රේගුව යළි අද සිට වැඩ

(කොළඹ, ලංකාපුවත්) –දින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් තීරණය කර තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට මුදල් අමාත්‍යංශය විසින් දැනුම්දීම හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට තීරණය කළ බව රේගු නිළධාරින්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේය.

ඒ අනුව අද(06) උදෑසන සිට සියලු රේගු අංශ සුපුරුදු පරිදි සේවයේ නිරත වන බව අමිල සංජීව මහතා කියා සිටියේය.

සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වී රේගු සේවා යථා තත්වයට පත් කර ඇතැයි රේගු වෘත්තීය සමිති පවසයි.

එසේම තම ඉල්ලීම්වලට සවන්දීම පිළිබඳව ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍යවරයාට මෙන්ම රජයට ස්තුතිය පළ කරන බවයි රේගු වෘත්තිය සමිති සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *