(කොළඹ, ලංකාපුවත්) –රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට රජයේ රැකියා ලබාදීමට මෙවර අයවැය මගින් කටයුතු කරන බව ආර්ථික කටයුතු, ජාතික ප්‍රතිපත්ති සම්පාදන රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
අභ්‍යන්තර උපාධි පමණක් නොව බාහිර උපාධිධාරීන්ටත් රජයේ රැකියා ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නිරෝෂන් පෙරේරා මහතා එසේ ප්‍රකාශ කළේය.