අගමැතිගෙන් ලතීෆ් මහතාට ප්‍රශංසාත්මක ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන මෙහෙවර අගය කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් ය.

“මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදු කරන ලද, එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගතය.

මෙහි ලා විශේෂ කාර්ය සාධක බලකායේ නිර්භීත ක්‍රියා කලාපය මා අගය කරන අතරම එවන් කාර්යශුර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතකි.

නොබෝදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වු සියලූම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මාගේ ප්‍රශංසාව පළ කරන මෙන් කාරුණිකව ඉල්ලමි.”

2019 පෙබරවාරි 07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *