(කොළඹ, ලංකාපුවත්) –ගමන් බෑගයක සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 05ක කොකේන් ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද(08) අළුයම 6.05ට පමණ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් මොහු පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
වයස අවුරුදු 34ක් වන මෙම ඉන්දියානු ජාතික සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සූක්ෂම ලෙස මෙම කොකේන් තොගය සඟවාගෙන පැමිණ තිබේ.
සැකකරු අද(08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක කාලයක් සදහා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.