තායි රජ පවුල දේශපාලනයට ඒමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්ත‍යේ මහා වජිරලොන්ග්කෝන් රජුගේ වැඩි මහල් සහෝදරිය එරට මීළඟ අගමැතිධුරය සඳහා
තරඟ වැදීමට සූදානම් වේ.

බලයෙන් පහ කෙරූ අගමැති තක්ෂින් ෂිනවත්‍රා ගේ පක්ෂයේ මිත්‍ර පාර්ශවයකින් 67 හැවිරිදි වියේ පසු වන උබොල්රතන මහිදොල් කුමරිය මෙසේ තරඟවදින බව ලියාපදිංචි ලේඛන අනුව දක්නට ලැබේ.

මෙය තායිලන්තයට ආගන්තුක ආගමනයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙමින් පවසන්නේ තායි රජ
පවුලේ සම්ප්‍රදාය වන්නේ දේශපාලනයෙන් දුරස්ව සිටීම බවයි.

කෙසේ වුවත් එම සම්ප්‍රදායන් බිඳිමින් මහිදොල් කුමරිය ඉදිරිපත් වන තායිලන්ත මැතිවරණය මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *