නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම සනිටුහන් කරමින් විශ්වෝදා සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – ‘ළඟම පාසල -හොඳම පාසල’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1000ක ආයෝජනයෙන් කුරුණෑගල, මගුරුඔයවත්තේ ඉදිවූ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පත් කිරිම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වනදා සිදු කෙරේ.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන හඳුන්වා දී තිබේ.

ෙඒ අනුව, දිවයින පුරා පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන ඇත.

එමෙන් ම එය වත්මන් එජාප රජයේ මැතිවරණ පොරොන්දුවක් ද වේ.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන ඇත.

කුරුණෑගල නගර සීමාවෙන් බැහැරව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ග්‍රාමීය පරිසරයක මෙම පාසල ඉදිකෙරෙන අතර, අංග සම්පූර්ණ පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්තිකාමර(Smart Class Room) , ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම් මෙම ජාතික පාසලට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *