රාමසාන්වලට මෙවර සවුදියෙන් වැඩිපුර රට ඉඳි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා සවුදි රජය විසින් ලබා දුන් රට ඉඳි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබා දෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මේ බව සදහන් කර තිබේ.

ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය අවසාන භාගයේදී රට ඉදි ලැබුන නමුත් මෙවර නියමිත කාලයට ප්‍රථමයෙන් එම තොග ගෙන්වා ගැනීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මලික් මහතා, අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ෆාහිම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *