පිලිප් කුමරු සමාව අයදියි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා සිය රියදුරු බලපත්‍රය යළි බාරදී තිබේ.

මීට සති දෙකකට පෙර ඔහු රිය අනතුරකට මුහුණ දුන් අතර, ඒ සම්බන්ධයෙන් ඔහු සමාව අයැද සිටී. පිලිප් කුමරු පැදවූ රථය තවත් රථයක් සමඟ ගැටී පෙරළී ගියද ඔහුට හානියක් සිදු නොවීය.

ඒ සම්බන්ධයෙක් පරීක්‍ෂණ පැවැත්වුණු අතර, එහිදී ඔහු බීමත්ව නොසිටි බවට අනාවරණය විය. ඉන් දින දෙකකට පසුව පිලිප් කුමරු ආසන පටි පැඳීමකින් තොරව රිය ධාවනය කිරීම නිසා පොලිසිය ඔහුට අවවාද කර තිබිණ.

ඉතා අවධානයෙන් කරුණු සළකා බැලීමෙන් පසුව සිය කැමැත්තෙන් රියදුරු බලපත්‍රය පොලිසියට බාරදීමට ආදිපාදවරයා තීරණය කර ඇති බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පොලිසිය විසින් රියදුරු බලපත්‍ර දෙපාර්තමේන්තුවට යළි බාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *