ජනවාරියේ සංචාරක පැමිණීම 2.2%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2019 ජනවාරි මාසය වන විට 2.2% ක වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස වැඩ බාර ගනිමින් කිෂූ ගෝමස් මහතා පැවසීය.

කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී ඊයේ (11) සිය තනතුරෙහි වැඩ බාර ගත්තේය.

2019 ජනවාරිය වන විට සංචාරකයන් 244,239ක් මෙරටට පැමිණ ඇති බව ද, එය 2018 ජනවාරියේ 238, 924ක් බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

සභාපතිවරයා කියා සිටියේ සංචාරක කර්මාන්තය මෙරට අංක එකේ විදේශ විනිමය උපයන්නා බවට පත් කිරීමේ හැකියාව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *