මයික්‍රොසොෆ්ට් පරිගණක විද්‍යා අධ්‍යාපන දිනය කොළඹ දී පවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සිකුරාදා (08) කොළඹ පිහිටි මයික්‍රොසොෆ්ට් ප්‍රධාන කාර්යාලයේ දී මේ වැඩමුළුව පවත්වන ලදි. කොළඹ සහ ඒ අවට රජයේ සහ පෞද්ගලික පාසල් දරුදැරියන් සහ අඩු ආදායම්ලාභී තරුණතරුණියන් නියෝජනය කරමින් මෙම වැඩමුළුව සදහා සහභාගී වූ 100 කට වැඩි පිරිසකට Voyage Aquatic සහ BBC Micro:bit හරහා පරිගණක code කිරීමට හුරුකරවීම විශේෂයෙන් සිදුවිය.

මෙම වැඩමුළුවේ දී Microsoft Certified Educators (MCEs) ” ICT තොරතුරු තාක්ෂණය සහ සැබෑ ලෝකයට සරිලන ගැටළු විසදීමේ කුසලතා වර්ධනය කරවීමට ගුරුවරුන් උනන්දු කරවන අතර සිසුන්ට දැනුමෙන් පෝෂිත ඔවුන්ටම ආවේණික වූ අධ්‍යයන අත්දැකීමක් පිරිනැමීමෙහිලා අවශ්‍ය තාක්ෂණ සාක්ෂරතා නිපුණත්වය ගුරුවරුන්ට ලබාදීමට ද පියවර ගැණුනි.

Voyage Aquatic නමින් හැදින්වූ නව Minecraft Hour of Code නිබන්ධනය සමග සිසුන් පරීක්ෂණ සිදු කරන ලදි. loops සහ conditionals වැනි ප්‍රධාන පරිගණන විද්‍යා සංකල්ප අධ්‍යයනය කිරීමෙහිලා සහාය වන ප්‍රහේලිකා මෙම නිබන්ධනය මගින් සිසුන්ට හදුන්වාදෙන ලදි. සිසුන්ට තමන් ඉගෙන ගත් දේවල් යොදා ගනිමින් නව්‍ය නිර්මාණ සිදු කිරීම සදහා ‘free play’ නමින් අංගයක් ද මෙම නිබන්ධනයේ ඇතුළත් විය.

“ශ්‍රී ලාංකීය සිසුන්ට පරිගණක විද්‍යාව පිළිබදව ඉගෙන ගැනීමේ අවස්ථාවන් වර්ධනය කරමින් විද්‍යාව, තාක්ෂණය , ඉංජිනේරුකරණය සහ ගණිතය (STEM) පිළිබද දැනුම් පරතරය නැති කිරීමෙහිලා අපි කැපවීමෙන් සහාය වන්නෙමු.“යැයි මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකරු හසිත අබේවර්ධන මහතා පැවසුවේ ය. “වර්ථමානයේ පවත්නා රැකියාවලින් 50% කට වැඩි සංඛ්‍යාවක් උදෙසා තාක්ෂණ කුසලතාවයන් අවශ්‍යය වේ. 2026 වන විට මෙම සංඛ්‍යාව 77% ක් දක්වා වර්ධනය වනු ඇත.“

“තාක්ෂණයේ ප්‍රතිලාභ භුක්ති විදීමේ අවස්ථාව සැමටම ලබා දිය යුතු ය යන්න අප විශ්වාස කරන බව.“ මයික්‍රොසොෆ්ට් ආසියානු සමාගමේ මානව සත්කාර අධ්‍යක්ෂක ඩයනා බෙයිට්ලර් පවසන ලදි. “මෙවැනි වැඩමුළු STEM අධ්‍යයන අත්දැකීම්, වෘත්තීය සංවර්ධන අවස්ථාවන් හා සම්බන්ධ කරමින් ගුරුවරුන්ට සහ සිසුන්ට අනාගතය සදහා මනාව සුදානම් වීමට සහාය වේ. Micro:bit සහ Voyage Aquatic මාධ්‍යයන් ගුරුවරුන්ගේ සහ ළමුන්ගේ නිර්මාණශීලී චින්තනය වර්ධනය කිරීමෙහිලා අනුබල දේ යැයි අපි බලාපොරොත්තු වන්නෙමු. “ යැයි ද කියා සිටියාය.

තාක්ෂණ සංවර්ධනයන් මත ක්‍රියාත්මක වන ලොවක ඉදිරියට යාමට හැකි වනුයේ විද්‍යාව, තාක්ෂණය , ඉංජිනේරුකරණය සහ ගණිතය (STEM) පිළිබද දැනුම ලබා ගන්නා සිසුන්ට පමණි. මයික්‍රොසොෆ්ට්, සර්වෝදය ෆියුෂන් වැනි සමාජ සේවා ආයතන සමග එක්ව STEM සහ පරිගණක විද්‍යාව පිළිබදව වැඩිදුර අධ්‍යයන කිරීමෙහිලා වයස් භේදයකින් තොරව සියලූ දෙනාම උනන්දු කරවීම සහ සවිබල ගැන්වීම සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *