රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනය සඳහා කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීම අධ්‍යයනය සදහා කමිටුවක් පත්කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කමිටුව පත්කර ඇත.

රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම සදහා මෙම කමිටුව පත්කර තිබේ.

මාධ්‍ය භාවිතය හා එහි ස්වාධීනත්වය පිළිබද මේ වන විට කථිකාවක් ගොඩනැගී ඇත. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතු බව මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වේ.

ඒ අනුව පත් කෙරුණු මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විජයානන්ද ජයවීර මහතාය. සෙසු සාමාජිකයින් 6 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත්ය.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *