“#එකටසිටිමු” සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –”එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලූ භේද අත හැර එක්ව ක්‍රියාකළයුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් “#එකටසිටිමු” ක්‍රියාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලූ දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.
ඉතාමත් අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර, යුද හමුදා තුර්ය වාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුථ විවිධ සංස්කෘතික අංග රැසක් ඊට එක් කර තිබුණි.

එකට එක්ව යන ගමනට සියලූ ශ්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින් “#එකටසිටිමු” සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිස විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

“#එකටසිටිමු” ක්‍රියාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු වූයේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතිනි.

පාර්ලිමේන්තු මන්තී්‍ර ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ව්‍යාපෘතිය මගින් කඩිනමි සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සදහා ක්‍රියාත්මත සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ,යාපනයට ගගක්, ව්‍යාපෘතිය පිළිබදව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව ද මෙහි දී සාකච්ඡාවට බදුන් විය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතු`ථ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *