ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇත.

තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය ඉරාන පකිස්තාන දේශ සීමාව අසළ දී ඊයේ සිදුවූ තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා සමාජිකයන් ඉලක්ක කර, මෙම ප්‍රහාරය එල්ල කර තිබේ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රහාරය පිටුපස ජේ අල් එයිඩී නමැති ත්‍රස්තවාදී කණ්ඩායම සිටින බවට විදෙස් තොරතුරු සේවාවල සඳහන් වේ.

මැද පෙරදිග පිළිබඳ අමෙරිකාවේ මූලිකත්වයේන පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක දිනයක දී මෙම ප්‍රහාරය සිදුවී තිබීම විශේෂත්වයකි. මෙම සමුළුව සහ ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *