පෙබරවාරි 14 දා උපන් සයිබර් යෝධයා

(කොළඹ, ලංකාපුවත්) – වීඩියෝවක් බලන්නට අන්තර්ජාලයට පිවිසෙන්නෙකු නිතැතින්ම පිවිසෙන වෙබ් අඩවිය කුමක්ද ? ඔබ හරි !!

හරියටම මීට අවුරුදු 13 කට පෙර 2005 පෙබරවාහි14 වනදා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පීට්සා අවන් හලක කුඩා කුටියක් තුළදී යූටියුබ් www.youtube.com නම් ඩොමේන් නාමයක් සයිබර් ගත කරන ලදි. ඒ වන විටත් ආරම්භ වී තිබුවු PayPal ආයතනයේ රාජකාරි කල තරුණයින් තිදෙනෙකු එකතු වී තමන්ගේ කුඩා වීඩියෝ “කැබලි“ එකිනෙකා අතර හුවමාරු කරගැනීමට මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි.ඔවුන් තිදෙනා(වමේ සිට) ඇමරිකානු ජාතික චඩ් හර්ලි, තායිවාන් සම්භවයන් ඇති ඇමරිකානු ජාතිත ස්ටීව් චේන් හා ජර්මන් සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ජාවෙඩ් කරීම් වේ.

පෙබරවාරි 14 ආරම්භ වූවත් මෙයට පළමු වීඩියෝව එක් කොට ඇත්තේ 2005 අප්‍රේල් 23 වනදායි.එය නම්කොට තිබුනේ Me at the zoo යන නාමයෙක්. යූටියුබ් නිර්මාපක ජාවෙඩ් කරීම් සැන් දියෝගෝ සත්ව උද්‍යානය තුල කතා කරන දර්ශනයක් මෙහි දැක්වේ. 2005 වසරේ නොවැම්බරයේදී “සිකොයා කැපිටල්“ අාතනය විසින් යූ ටියුබ් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක ආයෝජනයක් සිදුකළ අතර යූටියුබ් දැක්වූ සීග්‍ර දියුණුව හේතුවෙන් “සිකොයා කැපිටල්“ ආයතනය තවත් ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ආයෝජනයක් සිදුකරන ලදි.

2006 ජනවාරිය වන විට අන්තර්ජාලයේ වේගයෙන්ව දියුණු වෙමින් පැවති වෙබ් අඩවිය වූ වේ යූටියුබ් අඩවියයි. පළමු මාස කිහිපය තුළම වීඩියෝ 65,000 කට අධික වීඩියෝ ප්‍රමාණයක් යූටියුබ් වෙත ඇතුළත් කොට තිබූ අතර වීඩියෝ නැරඹීම් මිලියන 100 කට ආසන්න වී තිබුනි. 2006 ඇලෙස්කා දර්ශකයේ 5 වැනි ස්ථානය ලබාගැනීමට යූටියුබ් සමත් වූයේ එය ආරම්භ කොට වසරක් යන්නටත් පෙරය. 2009 නොවැම්බරයේදී යූටියුබ් ආයතනය ගූගල් විසින් මිළදී ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කටයි. ගූගල් ඇඩ්ස් සංකල්පය අන්තරගත කිරීමත් සමග , බලා සිටියදීම යූටියුබ් ආදායම ඉහළ ගිය අතර 2007 ජනවාරිය වන විට ආදායම් වාර්ථා පවා බිඳ හෙළීමට යූටියුබ් සමත් විය.

තම සර්වර් පද්ධති දිනෙන් දිනම වැඩිකරගනිමින් යූටියුබ් තම සේවා දිනපතා යාවත්කාලීන කරන ලදි. 2010 වසරේදී සජීවී යූටියුබ් ස්ට්‍රීමින් සේවාව ආරම්භ කල අතර එයින් ලොව පුරා මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සේවාව ලබාගැනීම ආරම්භ කරන ලදි. 2015 වසරෙන් පසුව ඔවුන් විවිධ රටවලට ආවේනික අන්තර් පරිශීලක සර්වර බෙදා වෙන් කල අතර 2016 වසරේදී ලාංකික(LK) යූටියුබ් මුහුණත යාවත්කාලීන කරන ලදි. ගූගල් විසින් ලබාදෙන මෙම යූටියුබ් සේවාව සඳහා භාවිතා කරන සර්වර් ඉඩ ඉතාමත් විශාල වන අතර දත්ත වේගය ඊට සමානුපාතිකව වැඩි කොට තිබේ.

කුඩා පීට්සා අවන් හලක කුටියක් තුළදී අන්තර්ජාලයට සම්බන්ධ වූ කුඩා ලැප්ටොප් පරිඝනකයකින් උපත ලබා සයිබරය දිග්විජය කල යූටියුබ් අද වන විට මිලියන ගණනික් මුදල් ඉපයීමට හැකි මාධ්‍යක් වී හමාරය. අධ්‍යාපනය , රසවින්දනය ලැබීම මෙන්ම මුදල්ද ඉපයීමට හැකි මෙම යූටියුබ් සයිබරයට උපද්දා දුන් නිර්මාපකයින්ට හා දැනටමත් එය යාවත්කාලීන කරමින් නොමිලේම තම සේවාව සපයමින් පවත්වාගෙන යන ඇමරිකාවේ ගූගල් සමාගම අප ස්තූතිවන්ත විය යුතුය.

Happy Birthday, Youtube !!

රූපයේ දැක්වෙන්නේ යූටියුබ් හි පළමු වෙබ් අතුරු මුහුණතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *