DIG නාලක, අමල් සහ මධුෂ් අතර සම්බන්ධතාවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන අය සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා සම්බන්ධතා පවත්වා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු සමග පවත්වා ඇත්තේ කුමන ආකාරයේ සබඳතාවක්ද යන්න විමර්ශනය කිරිමට ජාත්‍යන්තර පොලීසිය හරහා සාකච්ඡා පවත්වමින් සිටින බව ඊයේ (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බනක්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජිත් මුණසිංහ මහතා මේ බව කියා සිටියේය.

මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන වටි සිදු කරමින් පවතින බවත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2016 වසරේ ජුලි මස 21 වනදා ජනප්‍රිය ගායක අමල් පෙරේරා හිටපු නියෝජ පොලිස්පතිවරයා හමු වීමට ඒ මහතාගේ කාර්යාලයට පැමිණ ඇති බවත් ඒ අව්ථාවේ එහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් වරයා කුමන කාරණයකට නාලික සිල්වා මහතා හමු වීමට යන්නේද යන්න අමල් පෙරේරා යන අයගෙන් විමසා ඇති බවත් අධිකරණයට කී රහස් පොලිසිය ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා එම පොලිස් නිලධාරියාට එම අවස්ථාවේම විනය පරීක්ෂනයක් සිදු කොට ඔහු පුහුණුවකට අනුයුක්ති කිරිම ,දඩුවම් රාජකාරි පැනවීම සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරිම ලෙසින් දඩුවම් තුනක් ලබා දී ඇති බවට කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සහ නාලක සිල්වා මහතා සමග ජනප්‍රිය ගායකයා දැඩි සබඳතාවක් තිබීම පිළිබඳව කරුණු අනාවරණය වී ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මධුෂ් යන අය සමග ඇති සබඳතාවය පිළිබඳ විමර්හණය සිදු කරන බව අධිකරණයට පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නැමැත්තා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්සිත බන්ධනාගාගර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *