බෝට්ටු මගින් විදෙස්ගතවීමට සිට 12ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බෝට්ටු මඟින් විදේශ ගත වීමට රැඳී සිටි සැකකරුවන් 12දෙනෙකු ලැඟුම්හල් දෙකකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ(14) දහවල් 12.30ට පමණ තිස්සමහාරාමය පොලිස් වසමේ පන්නගමුව හා අලුත්ගොඩ ප්‍රදේශවල පිහිටි ලැඟුම්හල්වල මෙම පිරිස නතර වී සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මෙම අවස්ථාවේදී පුද්ගලයින් 6 ක්, කාන්තාවන් 3 ක් හා ළමුන් 4 ක් අත්අඩංගුවට පත්ව ඇත.එම ස්ථානයේ තිබී වෛද්‍ය උපකරණ හා ලේ සාම්පලයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(15) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අත්අඩංගුවට පත් සැකකුරුවන් වයස අවුරුදු 04-59 ත් අතර පසුවන මීගමුව, හලාවත හා තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *