(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ දියණිය අමාලී ඇහැළියගොඩ විසින් රචිත ‘ඒ කන්ද පාමුල‘ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම හෙට(19) සිදුවේ.
බත්තරමුල්ල, ජපන් මිත්‍රත්ව පාරේ ‘දියසරු‘ උද්‍යානයේ දී හෙට පස්වරු 3.00ට පැවැත්වෙනු ඇත.
බුද්ධදාස ගලප්පත්ති, යමුනා මාලිනී පෙරේරා, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාමිචියෙන් ද, ක්‍රිෂාන්ත එරන්දක, සමන් ලෙනින්, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක, ලක්‍ෂාණා ලක්මිණි, සඳුනි සඳරංගා ගැයුමෙන් ද, රංජිත් බාලසූරිය සත්සර මුසුවෙන් ද මෙය වර්ණවත් වේ.