ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කුසල් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 58 ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත් ව ඇත.

ඒ, දකුණු අපි‍්‍රකාවට එරෙහිව පසුගියදා පැවැති පළමු ටෙස්ට් තරගයේදී නොදැවී රැස් කළ වාර්තාගත ලකුණු 153 හේතුවෙනි.

මේ අනුව නවතම ශ්‍රේණිගත කිරීමේ කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ 40 වන ස්ථානයේය.

ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 කි. එය කුසල් ජනිත් පෙරේරාට ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීමක හිමිවූ ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වේ.

මීට අමතරව ධනංජය ද සිල්වා ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් නවතම ශ්‍රේණිගත කිරීම්වල 57 වන ස්ථානයේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *