මන්නාරම සමූහ මිනීවලේ අස්ථි පිළිබඳ කාබන් වාර්තාව අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම සමූහ මිනීවලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් සිදු කෙරුණු කාබන් පරීක්ෂණයේ වාර්තාව අද (20) මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ රසායනාගාරයකදී එම අස්ථි කොටස් සාම්පල පරික්ෂාවට ලක් කෙරුණා.

එම වාර්තාව පසුගියදා මෙරටට ලැබුණු අතර ඒ අනුව අදාළ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට මන්නාරම සමූහ මිනිවලෙන් මිනිස් අස්ථි කොටසක් 323ක් සොයාගෙන ඇති අතර ඉන් 314ක් ගොඩගෙන තිබේ. ඒ අතර ළමුන් 28 දෙනෙකුගේ අස්ථි කොටස් ද වන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *