‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –“මතුගම හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර කිරීම සඳහා වන ‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ වැඩසටහනනෙහි ප්‍රථම අදියර නවම් පුර පසලොස්වක පොහෝ දින (19) පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා මතුගම නගරයේදී අති සාර්ථක අන්දමින් පැවත්විය.

“මතුගම හරිත මිතුරෝ” නම් ෆේස්බුක් සමාජ ජාලය හා සම්බන්ධවූ පරිසර හිතකාමී තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩ සටහන මගින් මතුගම නගරයේ අවිධිමත් ලෙස බැහැර කර ඇති පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සහ කැලිකසල ඉවත් කර මතුගම නගරය අලංකාර කිරීමටත්, ඉදිරියේදී නගරය අපවිත්‍ර නොවී පිරිසිඳුව තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් බලාපොරොත්තුවිය. එමෙන්ම මෙම වැඩ සටහන මගින් තම නගරය අලංකාරව හා පිරිසිඳුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව වෙත පණිවිඩයක් ලබා දීමටත් ඒ හරහා නගරයට පැමිණෙන සියළු ජනතාව නගරය පිරිසිඳුව තබා ගැනීමට හුරු කිරීමත් අපෙක්ෂා කෙරණි.

මතුගම ප්‍රාදේශීය සභාව, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මතුගම පොලිස් ස්ථානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන මතුගම නගරයේ පිහිටි රාජ්‍ය ආයතන මෙම වැඩසටහනට අවශ්‍ය පහසුකම් ලබා දීම හා මගපෙන්වීම පෙන්වීම සිදුකරනූ ලැබූ අතර තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක්වම මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දී තිබුණි. මතුගම නගරය හා ආශ්‍රිත ප්‍රදේශයන් සිට මතුගම නගරයට එක් රැස්වූ විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට මතුගම හරිත මිතුරෝ සංවිධානයට හැකිවිය.

මෙම වැඩසටහන මගින් මතුගම නගරය පුරා විවිධ ස්ථාන වල ගොඩ ගසා තිබූ පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු විවිධ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස්කොට ක්‍රමවත්ව බැහැර කිරීමට හැකිවූ අතර නගරයේ සුන්දරත්වයට බාධාවන අන්දමින් අලවා තිබූ දැන්වීම් සහ පෝස්ටර් ඉවත් කොට නගරය අලංකාර කිරීමටද හැකිවිය. මතුගම නගරයේ කැලි කසල මගින් අවහිර වී තිබූ කාණු පද්ධතිය පිරිසිඳු කිරීමද මෙම වැඩසටහන මගින් සිදු කෙරුණු අතර අක්‍රමවත් ලෙස කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කරන ආයතන පිළිබඳ සමීක්ෂණයක්ද මතුගම ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සිදු කෙරුණි.

නගරය පිරිසිඳු කිරීම මෙන්ම ඉදිරියේදී නගරය පිරිසිඳුව තබා ගැනීමට අවශ්‍ය පියවරද මෙම වැඩසටහනේදී ගණු ලැබිනි. ඒ අනුව ක්‍රමවත්ව කැලි කසල බැහැර කිරිමට අවශ්‍ය කසල බඳුන් තැන්පත් කිරීම සිදුවූ අතර ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ පුවරු සකස් කිරීමද සිදුවිය. මෙම වැඩසටහනෙහි දෙවන පියවර නගරය අපවිත්‍ර වන වන ලෙස කසල බැහැර කරන ආයතන වෙත නීතිමය පියවර ගැනීමටත් නගරය ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නැංවීමටත් අවශ්‍ය කාර්යන් මතුගම ප්‍රාදේශීය සභාව, මතුගම පොලිස් ස්ථානය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ගණු ලැබිණි.

මෙම වැඩසටහන මගින් සිදුවූ වැදගත්ම කාර්යක් වූයේ නගරයෙහි පිරිසිඳු කම පිළිබඳව උනන්දුවක් නොදැක්වූ ජනතාවට ඒ පිළිබඳව සිතා බැලීමට අවස්ථාවක් උදාවීමයි. තරුණ පිරිස් එකතු වී සිදුකල මෙම ක්‍රියාව නගරයට පැමිණි සියළු දෙනාගේම ඇගයීමට ලක්විය. අක්‍රමවත් ලෙස කසල බැහැර කරමින් තමන් විසින්ම තම නගරය අපිරිසිඳු කර ගැනීමට ක්‍රියාකිරීම පිළිබඳව නගරයට පැමිණි පිරිස් කනගාටු වූ අතර ඉදිරියේදී තමන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් නගරය සුන්දරව තබා ගැනීම තම වගකීමක් සේ සැලකිය යුතු බවත් මෙම වැඩසටහන දෙස බලා සිටි පුද්ගලයින් පැවසූ අතර වෙනත් කාර්යන් සඳහා නගරයට පැමිණි එම පිරිස්ද හැකි අයුරින් මෙම වැඩසටහන හා සම්බන්ධ වනු දක්නට හැකිවිය.

ෆේස්බුක් සමාජ ජාලය හරහා සිදුවන විවිධ අකටයුතු කම් නිසා ඒ පිළිබඳ වැරදි අවබෝධයකින් සිටි ජනතාවට එවැනි සමාජ ජාලයක් මෙවැනි වැඩසටහන් සංවිධානය නවමු අත්දැකීමක් වූ අතර නගර වාසී සියළු දෙනාගේම ප්‍රසංශාවය ඒ වෙනුවෙන් හිමිවිය. ඉදිරියේ තව තවත් මෙවැනි වැඩ සටහන් සංවිධානය වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *