අඩු මිලට විදුලිය දීම රජයේ උත්සාහයයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීම රජයේ උත්සාහය බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය සෑම අතකින්ම දියුණු කිරීම ද තම අපේක්ෂාව බව අමාත්‍යවරයා සදහන් කළේය.

කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ටෙන්ඩර් ප්‍රදානය විදුලිබල අමාත්‍යාංශයේදී ඊයේ(21) සිදුවිය.

“නැවතත් ඩීසල් මාෆියාවකට යනවද, නැත්නම් එල්.එන්.ජී. එක තුළින් අළුත් පද්ධතියක් ගෙනල්ලා කටයුතු කරනවාද කියලා තීරණය කළ යුතුයි. අපි විදුලිය නිෂ්පාදිත වියදම් ජලයෙන් රු. 3.00 – 3.50, මිනි හයිඩ්‍රෝ රු.10.00 -11.00, ගල් අගුරු රු.11.00 – 12.00 එල්එන්ජී වලින් රු. 14.00 -16.00 ඩීසල් වලින් රු.23.00 – 60.00 වශයෙන් තමයි වෙන්නේ. මේක තමයි සැබෑ තත්ත්වය. අපි කරන්නේ පාරිභෝගිකයට, රටට හොද දේ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා සැබෑ තත්ත්වය විකෘති කරන. ඒකට ඉඩදෙන්නේ නැහැ අපි. මට අවශ්‍ය වන්නෙත් දේශීය සමාගම් වලට අවස්ථාව දෙන්නයි. මේක චීනයට දෙන එක වැරදියි. අපේ රට තුළින් ගන්න පුළුවන් හැමදේම ආනයනය කරන එක නවත්තලා, දේශීය සමාගම් වලට දෙන්නයි මට අවශ්‍ය වන්නේ . නමුත් තත්ත්වය හොද වියයුතුයි” යනුවෙන් ද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *