මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එහි මූලික පියවරක් ලෙස ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා පන්දහසක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.

පසුගිය යුධ සමයේදී මන්නාරම ප්‍රදේශයේ ධීවර කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබූ බවත්,ඇතැම් ධීවරයින් තම කර්මාන්තයෙන් සමුගෙන වෙනත් රැකියා සඳහා යොමු වූ බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ තත්වය මේ වන විට නතර වී ඇතිමුත් ධීවර කටයුතු සඳහා යොමුවන පිරිස් අඩුවී ඇති බවයි.

මේ තත්වයට පිළියමක් ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ධීවරයින්ට අවශ්‍ය දැනුම මෙන්ම උපකරණ ලබාදීමටද තමන් මැදිහත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *