ඔත්තු සේවා වැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) –දෙස් විදෙස් සබඳතා පවත්වාගෙන යමින් කරන මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ තොරතුරු එක්රැස් කර ගැනීමට යොදා ඇති බුද්ධි සහ රහස් ඔත්තු සේවාවන්වල මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගිය මාස කීපයේ ආරක්ෂක බුද්ධි අංශ සහ ඔත්තු සේවාවන් නිසා විශාල වශයෙන් මත්තුඩු තොග කිලෝ සිය ගණනින් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මේ යටතේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ සහ ඔත්තු සේවාවන් ද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, යුද්ධ හමුදා බුද්ධි සේවා, පොලිස් බුද්ධි අංශ සහ රේගු බුද්ධි අංශ ඇතුළු රාජ්‍ය බුද්ධි සේවාව, යුද්ධ හමුදා බුද්ධි සේවා, පොලිස් බුද්ධි අංශ සහ රේගු බුද්ධි අංශ ඇතුළු සියලුම ආරක්ෂක බුද්ධි සේවාවන් සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික ඔත්තු සේවාවන් ද මෙසේ වැඩි කිරීමට තීරණය කර ඇත්තේ, එම සේවා හරහා වැටලීම් විශාල ප්‍රමාණයක් සාර්ථක කර ගැනීමට හැකි වූ බැවින් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ආසියාවේ රටවල් අතරින් පසුගිය කාලයේ වැඩිම මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් රට බවට ලංකාව පළමු තැනට පත් වී ඇති බවද පැවසේ. මෙරට ආරක්ෂක අංශ සිය අවධානය යොමු කර ඇති නිසාත්, විශේෂයෙන් ආරක්ෂක සහ බුද්ධි සේවාවල ක්‍රියාකාරීත්වයත්, ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහ ජාත්‍යන්තර ඔත්තු සේවා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමත් නිසා මේ තරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පසුගිය වසර තුනට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙලක්ෂ විසි දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවද එම නිලධාරියා කීය.

මේ වනවිට වැඩිම මත්ද්‍රව්‍ය තොග මෙරටට එවන රටවල් සහ එම ජාවාරම්වල සිටින පිරිස සම්බන්ධ තොරතුරද බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇත. මීට මාස දෙකකට පෙර බේරුවල ප්‍රදේශයට නුදුරු මුහුදේදී නාවික හමුදාව මගින් කොටු කර ගත් මත්ද්‍රව්‍ය තොගය ද, ඊට පසු දෙහිවල ප්‍රදේශයේ දී කොටු කරගත් මත්ද්‍රව්‍ය තොගය ද, කොල්ලුපිටිය සුපිරි ගොඩනැගිල්ලක දී කොටුකර ගත් මත්ද්‍රව්‍ය තොගය ද පෙරේදා කොල්ලුපිටිය රථ ගාලේ දී කොටු කරගත් මත්ද්‍රව්‍ය තොගය පමණක් නොව ඩුබායිහි දී කොටු කරගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ මධුෂ් ඇතුළු ජාවාරමුන් පොකුර ද කොටු කර ගැනීමට හැකිවුයේ බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල කැපවීම නිසා බව එම නිලධාරියා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *