යශෝදි සෙල්වකුමරන් ලෝකයේ හොඳම ගුරුවරුන් දස දෙනා අතරට

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ හොඳම ගුරුවරුන් දස දෙනා තෝරන 2018 වසරේ සමීක්ෂණයකදී එම දසදෙනා අතරට තේරීමේ දුර්ලභ අවස්ථාව හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ගුරුවරියක් සමත් වෙයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර ‘රුඩි හිල්’ පාසලේ ගුරුවරියක සේවය කරන යශෝදි සෙල්වකුමරන් මෙනෙවිය මේ අවස්ථාව හිමි කරගෙන සිටින්නීය. ඇය මේ වන විට විසි අට වැනි වියෙහි පසුවෙයි.

යාපනයේ දී උපතලැබූ යශෝදි ඉකුත් යුද සමයේදී සිය දෙමාපියන් සමඟ ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති අතර එවකට ඇගේ වයස අවුරුදු දහයක් වූ බව පැවසේ.

ලෝකයේ රටවල් 179ක විවිධ විෂයන් උගන්වන ගුරුවරුන් දස දහසක් පමණ දෙනා පිළිබඳ අවධානය යොමු කරමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.

ලෝකයේ හොඳම ගුරුවරුන් දස දෙනා අතරට එක් වන්නන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනය බැගින් හා තවත් ත්‍යාග පිරිනැමේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *