ප්‍රවීණ කලාකරු බර්ටි ගැන හුවමාරුවන පුවත ව්‍යාජයි

(කොළඹ, ලංකාපුවත්) – මුහුණු පොතේ මේ දිනවල ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක මහතා පිළිබඳ ව්‍යාජ පුවත් පළකිරීමක් සහ හුවමාරු වීමක් දක්නට ලැබේ.

එය අතිශය ව්‍යාජ පුවතක් බව වාර්තා වේ.

මේ පිළිබඳ මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් විශේෂ ඉල්ලීමක් ද කර ඇත.

එම සටහන වන්නේ, “මුහුණු පොතේ මා හිතාදර මිතුරු මිතුරියනේ ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක මහතා පිළිබඳ ව්‍යාජ පුවත් පළකිරීමෙන් සහ හුවමාරු කිරීමෙන් වැළැකී සිටින ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි. හිතාදර බර්ටි අන්කල් ඔබතුමාට චිරං ජයතු.තෙරුවන් සරණයි.“ යනුවෙනි.

මේවන විට 94වැනි වියෙහි පසුවන මහනුවර උපන් බර්ටි ගුණතිලක රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කළේය. ඉන්පසු සිංහල බෞද්ධයා පත‍්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර තිබේ.

1954 වර්ෂයේ දී එච්. ඩී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වූ අතර පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වූයේය.

‘ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා’ අදටත් බර්ටි ගුණතිලක මහතාගේ විහිළු අතර රැඳී පවතින වැකියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *