තරග තහනම ගැන සනත්ගේ මතය

(කොළඹ, ලංකාපුවත්) – සිය ක්‍රිකට් දිවියේ මෙතෙක් උපරිම අවංක භාවයෙන් ක්‍රීඩා කළ බවත් රට ප්‍රමුඛව තබමින් තමන් සෑම විටම ක්‍රියා කළ බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සදහන් කරයි.

ජයසූරිය සිය ක්‍රීඩා ලෝලීන්ට සටහනක් තබමින් ඔහුගේ ට්විට්ටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.

හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට සියලු ක්‍රිකට් තහනම පැනවුනේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙනි.

සනත් ජයසූරිය වරදට ලක්වු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති –

නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – විරෝධී නීතිය යටතට ගැනෙන හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් හෙළිදරව් නොකිරීම, වෙනස් කිරීම හෝ විනාශ කිරීම හෝ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

සනත් ජයසූරිය සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මර්දනය ඒකකය තමන් සම්බන්ධයෙන් කළ පරික්ෂයේදි සිය සිම් කාඩ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්‍ෂණයන්ට යොමු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති බවයි. චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව ඔහු නිවේදනයෙන් පවසා සිටි.සිය ක්‍රී දිවියේ මෙතෙක් උපරිම අවංක භාවයෙන් ක්‍රීඩා කළ බව ඔහු පවසයි. රට ප්‍රමුඛව තබමින් තමන් සෑම විටම ක්‍රියා කළ බවත් සිය සටහනෙන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *