මන්ත්‍රීවරු 13ක් මැතිසබේ ගොළු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –2018 වර්ෂයේ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් නොකළ හෙවත් වාචික දායකත්වයක් ලබා නොදුන් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිටින බව ඊයේ (26) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් manthri.lk වෙබ්අඩවිය සඳහන් කර සිටියේය.

2018 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව මත පදනම්ව කරන ලද විශ්ලේෂණයක් අනුව මෙම මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

එම විශ්ලේෂණය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 2018 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී වාචික දායකත්වය ලබා නොදී තිබේ.

මේ අතර සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ, දුලිප් විජේසේකර සහ වසන්ත සේනානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *