යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට දුන් කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – දැනට භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සදහා ලබා දී තිබූ කාලය 2019 මාර්තු මස 15වනදා දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් ඉදිරිපත් කර මාර්තු 15වනදාට පෙර ලියාපදිංචි බලපත්‍රය ලබා ගත යුතු බව ආරක්‍ෂක අමාතයංශය සදහන් කරනු ලැබේ. මීට පෙර මේ සඳහා ලබා දී තිබු කාලය ඊයේ(28) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුනී.

ආරක්‍ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝග පරිදි මෙම වැඩසටහන පසුගිය 20වනදා ආරම්භ කෙරුණි.

වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ඡාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *