ඔලිම්පික් වෙබ් අඩවිය නව මුහුණුවරකින්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ඔලිම්පික් කමිටුවේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් ජාතික ඔලිම්පික් ශ්‍රවණාගාරයේදී පෙරේදා එළි දැක්වුණි. ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ආරාධනාවෙන් මෙට්‍රොපොලිටන් හෝල්ඩිං සමාගමේ සභාපති ජේ. ජේ. අම්බානී මහතාගේ අතින් වෙබ් අඩවිය විවෘත කෙරුණි.

මෙම වෙබ් අඩවියට www.Olympics.lk ලිපිනය ඔස්සේ පිවිසිය හැකි අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග විස්තර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විස්තර ඇතුලත් නවතම තොරතුරු රැසක් ලබාගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *