බින්ලාඩන්ගේ පුතු ගැන සොයා මෙහෙයුමක් – ඩොලර් මිලියනයක ත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු වන හම්සා බින්ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට අමෙරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව අමෙරිකාව සදහන් කර ඇත.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔසාමා බින්ලාඩන් 2011 වසරේ පාකිස්තානයේදී අමෙරිකා මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්විය.

ඉන් පසු ඔසාමා බින්ලාඩන්ගේ බිරින්දෑවරුන් සමග හම්සාට ද සෞදිඅරාබියට පැමිණීමට අවසර ලැබුණි.

30 හැවිරිදි වියේ පසුවන හම්සා බින්ලාඩන් මේවන විට ඔහු පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ ජීවත්ව සිටින බවට සැක පළකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *