යල කන්නයේ සිට වීවලට තවත් ඉහළ මිලක්

(කොළඹ, ලංකාපුවත්) –යල කන්නයේ සිට නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 40 කට ද සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 43 කටද මිලදී ගැනීමට සැලසුම්කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

බස්නාහිර පළාත් ගොවිජන අභිමන් සම්මාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

වෙළෙද ව්‍යාපාරිකයන්, වීමෝල් හිමියන් මෙන්ම ගොවීන් ආරක්ෂා කළ හැකි ක්‍රමවේදයක් සැකසීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකිවී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *