ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ වසරේදී

(කොළඹ, ලංකාපුවත්) –ලන්කන් පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය මෙම වසරේදී අනිවාර්යයෙන් පවත්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

ලබන සැප්තැම්බර් මාසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඊට විදෙස් කී‍්‍රඩයින්ද සහභාගි කර ගැනීම සදහා මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළේය.

ශී‍්‍ර ලාංකේය පේ‍්‍රක්‍ෂකයින්ට නවමු තරග අත්දැකීමක් එක් කරන ආකර්ශනීය තරගාවලියක් ලෙස මෙවර ලන්කන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට ඉන්දීය කී‍්‍රඩකයින් සහභාගි කර ගැනීමට ද අපේක්‍ෂා කෙරේ.

ඉකුත් වසරේදී ශී‍්‍ර ලන්කන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය පැවැත්විමට සැලසුම් කර තිබුණද කි‍්‍රකට් නිලවරණය හේතුවෙන් පැවති අර්බුදකාරී තත්ත්වය මත මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *