අල්ලසට තිත පස් අවුරුදු සැලැස්ම 18දා එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස- දූෂණය වපුරන රාජ්‍ය-පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලුදෙනා නීතියේ රැහැනට කොටුකර ගැනීමට සැකසූ නව පස් අවුරුදු ජාතික සැලැස්ම මේ 18දා එළිදකී.

මහජනතාවගේ මුදල් ගසා කමින් අල්ලසට- දූෂණයට යොමුවන්නන්ට තරාතිරම නොබලා අල්ලස් දැලට කොටු කර ගනිමින් බරපතළ නීතිරීති ඔස්සේ දඬුවම් පැමිණවීම මෙහි අරමුණයි.

වසර තිහකටත් වැඩි කාලයක් පැවැති සියලුම දුර්වල නීතිරීති රැගත් අල්ලස් පනත් සංශෝධනය මෙමගින් සිදුවේ. මේ අනුව මින්පසුව කිසිවකුටත් අල්ලස් හෝ දූෂණ සිදු කර මෙරට මෙන්ම විදෙස් රටවල බැංකු පවා පුරවමින් අසාධාරණ ලෙස ධනය රැස්කර ගැනීමට කිසිවකුටත් ඉඩ නොලැබේ. අල්ලස් පනතේ සියලු අණ පනත් මෙහිදී සංශෝධනය කර ඇත.

මහජනතාව සිය රාජකාරී කටයුතු කර ගැනීමට යාමේදී තවදුරටත් ඔවුන් අල්ලසට, දූෂණයට ගොදුරුවීමට ඉඩ නොතබන බවට රජය ගත් තීන්දුවකට අනුව මෙම නව පසු අවුරුදු සැලැස්ම ගෙන ඒමට කටයුතු කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.

වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස දුෂණය වත්කම් බැරකම් දඬුවම් සහ වෙනත් සියලුම දුර්වල නීතිරීති අණ පනත්වලට සම්බන්ධවන සියලුම කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීතිරීති ඇතුළත් පස් අවුරුදු ජාතික සැලැස්ම සකස්‍ෙ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකාරාශී කර ගනිමින් විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල ජනතාවගේ ද අදහස් විමසා සකස් කර ඇති මෙම නව අල්ලස් ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන කරුණු හතරක් සහ ඒ යටතේ එන කරුණු 180ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

මහජනතාව විවිධ වූ රාජකාරි ක්‍රියාවන් සිදු කර ගැනීමට යාමේදී කිසිම පුද්ගලයකුගෙන් නීතියානුකූලව අය කළ යුතු යම් මුදලක් වේද එය හැර වෙනත් කිසිදු ආකාරයකින් මුදලක් ත්‍යාගයක් හෝ වෙනත් අල්ලස් වශයෙන් ගැනෙන කිසිදු දෙයක් ලබා ගැනිමට රාජ්‍ය නිලධාරියකුට නොහැකි වන පරිදි මෙම නීතිරීති ඔස්සේ රාජ්‍ය නිලධාරීන් බරපතළ ලෙස සිරකර තිබේ.

ඒ අතර සෑම රාජ්‍ය ආයතනයකටම සුපිලිපන්න නිලධාරියකු ඇතුළු රාජකාරි කටයුතු අධීක්ෂණය කරන නිලධාරීන් යොදවා තිබේ. ඒ ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නැංවීමේ දී හිතවත් කම් ඥාති සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන් එම සුපිලි පන්න නිළධාරියා අධීක්ෂණය කරයි.

ශ්‍රි ලංකාවෙන් අල්ලස හා දුෂණය වැළැක්වීම සඳහා වන මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම අප රටින් අලලස තුරන් කිරීමේ ප්‍රධාන උපාය මාර්ග හතරක් හඳුනාගෙන ඇත. එම උපාය මාර්ග හතර නම් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම , විමර්ශනය සහ පැහැදිලි ශක්තිමත් කිරීම සඳහා වන නව නීති සහ ප්‍රතිපත්ති හඳුන්වා දීමය

තවද අල්ලස දූෂණය තුරන් කිරීමේහි ලා ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වන කරුණු සම්බන්ධයෙන් ද සකස් කරන ලද ග්‍රන්ථ හතරක් ජාතික ක්‍රියාකාර් සැලැස්ම සමඟ නිකුත් කිරීමට බාලපොරොත්තු වෙයි.

ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත. බැදියාවන් අතර ගට්ටනයට අදාළ රීති අඩංගු කොට සාධන ලද යෝජනා කෙටුම්පත, රාජ්‍ය නිලදාරීන් සඳහා සුපිලි පන්න බවේ අත්පොත සහ අල්ලස් වත්කම් බැරකම් කොමිෂන් සභා මැතිවරන ප්‍රචාරණ සහ හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යෝජනා එම ග්‍රන්ථ වෙයි. මෙම ග්‍රන්ථ හතර සිංහල සහ දෙමළ භාෂාවෙන්ද සකස් කර තිබේ. එසේ අනුමත කර ගන්නා ජාතික ක්‍රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් ලබන 18වැනි දා එළි දකින අතර ඒ අවස්ථාව සඳහා ජනාධිපතිවරයා ඇතුළු සියලුම මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන් එක්දහස් පන්සියයක පිරිසක් ද පෞද්ගලික් අංශය ද විදේශීය බුද්ධිමතුන් ද ඇතුඵ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *