මන්නාරම සමූහ මිනී වළේ අස්ථි වසර 600ක් පැරණි බව කාබන් පරික්ෂාවන් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් අස්ථි සාම්පල 6ක කාබන් පරික්ෂණ වාර්තා ලැබී තිබේ.

ඒ අනුව එම අස්ථි සාම්පල අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719 ත් අතර කාලයට බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත.

මන්නාරම සමූහ මිනීවළෙන් ලබාගත් අස්ථි සාම්පල හයක් අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි බීටා ඇනලටික් පර්යේෂණාගාරය වෙත යොමු කෙරුණි. ඒ අනුව විශේෂඥයන් තීරණය කර ඇත්තේ මෙම අස්ථි සාම්පල ක්‍රිස්තු වර්ෂ 1499 ත් 1719ත් අතර කාලයට අයත්වන බවයි.

කෙසේ වෙතත් සමූහ මිනිවළේ කැනීම් කටයුතු නතර නොකරන බව ඊට සම්බන්ධ විශේෂඥයන් සදහන් කර ඇත.

මන්නාරම සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් මතුකර ගැණුනි.

ඉන් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන ඇති අතර ළමුන් විසි නව දෙනෙකුට අයත් අස්ථි කොටස් ද ඒ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *