සිරිකොත – ගමට වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සිරිකොත ගමට වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) ආරම්භ කෙරුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩසටහන සමඟ එක්වූයේ පානදුර ප්‍රදේශයේදීයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඒ සඳහා එක්ව සිටියහ. එක්සත් ජාතික පක්‍ෂය තුළ දැවැන්ත ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පක්‍ෂය නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යාමේ අරමුණින් සිරිකොත ගමට වැඩසටහන ක්‍රියාත්මක කෙරනු ලැබේ.

නව ගමනක් සදහා මුල පුරා ඇති එක්සත් ජාතික පක්‍ෂය ඇරඹූ බොහෝ වැඩසටහන්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවයි රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

නව සාමාජික පත් පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුවත් කරමින් ශාඛා සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් සහ ජනතා ගැටළු විසඳමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *