බොරැල්ල OIC අනතුර සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ ඩිපෙන්ඩර් රථය පැද වූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුවන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ රථය සමාජ ශාලාවේ සිට අනතුර සිදු කර පැලවත්ත ප්‍රදේශයේ සගවනතුරු සී සී ටී වී දර්ශන තමන් සතු බව පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කළේය.

අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ වහාම එම දර්ශන මාධ්‍ය වෙත යොමු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ඒ අනුව හදුනාගෙන ඇති එවැනි පුද්ගලයන් පිරිසක් අධිකරණය හමුවේ නඩුව විභාග වන විට සාක්ෂි සදහා කැදවීමට නියමිතය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා පසුගියදා මිය ගියේය. දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද(11) සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *